ජාතික රූපවාහිනියට කඩා වැදුණු ධනීස් අලි ගුවන් යානයක් තුළ දී අත්අඩංගුවට !

‘පසුගිය ජූලි මස 09 වැනිදා ජාතික රූපවාහිනි ආයතනයට බලහත්කාරයෙන්  කඩා වැදී එහි සජිවි විකාශයක් හරහා ජනතාව ඇමතූ ධානිස් අලි නැමැති තරුණයා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලේ පිටවීමට  තිබූ ගුවන් යානයක් තුළ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ශ්‍රි ලංකන් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් විමට එම යානයට නැග සිටියදී රාජ්‍ය බුද්ධි සේවය විසින් දෙන ලද තොරතුරකට අනුව බන්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළට අනුයුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු කන්ඩායම විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

 මෙම තරුණයා ඇතුළු  කිහිප    දෙනකු   ජාතික රූපවාහිනියට කඩා වැදී බලහත්කාරනේ එහි අභ්‍යන්තරික කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙන් ‌සැකකරුවන් බවට අධිකරණයට පොලිසිය විසින් කරූ ඉදිරිපත් කරු ලැබ ඇති බව සඳහන් වේ.
මෙම පුද්ගලයා මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කොළඹ බොරැල්ල පුදේශයේ තාවකාලිව පදිංචි ව සිටින බවත් කලක් ඔහු ඔස්ට්‍රේලියාවේ ගත කළ බවත් පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  ඔහු ගුවන් තොටුපළ වෙත පැමිණෙන අවස්ථාවේ , ඔහුට විදේශ ගත වීම සදහා ගුවන් ගමන් තහනමක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලැබී නොතිබිණි .ඒ අනුව මොහු ගුවන් තොටුපළ සියලු නිශ්කාශන කටයුතු නිම කර මෙම යානය වෙත පිවිස අසුන් ගැනීම ද සිදු කර තිබුණි .
එහෙත් 07/26 දින සවස 05.45 පමණ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මොහුට එරෙහිව නිකුත් කර ඇති ගුවන් ගමන් තහනම් නියෝගය ද රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , එම නිලධාරීන් මෙම ගුවන් යානය වෙත පිවිස , එහි අසුන් ගෙන සිටි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි .
මේ වනවිට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ ජාතික රහස් තොරතුරු ඒකකයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවේ තබා ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර , ඉන්පසුව මොහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .මෙම සිදුවීම නිසා  ප්‍රමාද  වූ = ශ්‍රී ලන්කන් ගුවන් යානය රාත්‍රී 07.05 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය අතර , කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තවත් විනාඩි 30 ක් පමණ ප්‍රමාද වූයේ නම් ,මොහු කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට අවස්ථාව තිබුණි .

Exit mobile version