ජාතික බීජ පනත ජාතික විහිළුවක් වූ හැටි විගණනය හෙළි කරයි..

බීජ සභාව මුල්වරට රැස් වී ඇත්තේ බීජ පනත සම්මත වී අවුරුදු 14කින් පස්සේ...

ලලිත් චාමින්ද –

බීජ පනතේ දක්වා ඇති කාර්යයන්  ඉටුකිරීමෙහිලා ස්ථාපිත කළ  ජාතික බිජ සභාව පළමුවට රැස්වී ඇත්තේ  බීජ පනත සම්මත කිරීමෙන් වසර 14කට පමණ පසු බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

බීජ නිෂ්පාදනය හා ආනනය කිරිමේ දී  විවිධ ගැටලු මතුවීම හේතුවෙන්  එම ගැටලු අවම කිරිමේ අරමුණින් 2003 අංක 22 දරන බීජ පනත සම්මත කර තිබුණි. බීජ පනත සම්මත වීමෙන් පසු  වර්ෂ 14කට පසු එනම් 2017 නොවැම්බර් මස 29වැනිදින පළමුවරට  බීජසභාව රැස්වී තිබු බවද විගණනයේ දී අනාවරණය වී ඇත.

ඉන්පසු 2019 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලසීමාව තුළ රැස්ව තිබුණේ  අවස්ථා තුනකදී පමණක් බවද විගණන වාර්තාවේ දැක්වේ. මෙම තත්වය තුළ දේශිය බීජ නිෂ්පාදනයේ ප්‍රගතිය ඇගයිම  ඇතුලු  අදාළ අනිකුත් ප්‍රතිපත්ති  සැකිසීම හා අවශ්‍ය තිරණ ගැනීමේ ක්‍රියාවලිය  ක්‍රියාකාරිව සිදුවී නොතිබුණු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.


එමෙන්ම  1997 වර්ෂයේ දී බිජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය  බීජ සම්බන්ද ප්‍රතිපත්තිය ලෙස  සලකනු ලබන බව සදහන් කර තිබුණ ද  2021 ජනවාරි 01 වැනි දින වනවිටත් එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නොතිබුණු බවද විගණන වාර්තාවේ සඳහන්කොට ඇත.

එමෙන්ම වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය පිළිබඳ  නිවැරදි ප්‍රරෝකථනයක් සිදුකර නොතිබීම, අවශ්‍යතාවයට ගැලපෙන පරිදි බීජ නිෂ්පාදනය නොකිරීම  බීජ තොග ගබඩා කිරීමේ ගැටලු පැවතීම හේතුවෙන් 2014 සිට 2019 වර්ෂය දක්වා  රුපියල් මිලියන 38ක් වටිනා එළවළු බීජ පැළවීම දුර්වලවීම මත අපහරණය කිරීමට නියමිතව තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

දේශීය එළවළු ගොවිතැන සියයට 70ක් පමණ ආනයනික  දෙමුහුන් බීජමත රඳා පවති. මේ හේතුවෙන් රජය විසින්  2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 6.567ක් වැය කරමින්  බීජ කිලෝග්‍රැම් 1,193,807ක්  ආනයනය කරතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එළවළු බීජ දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය  පිළිබඳව මෙම විගණනය  සිදුකොට තිබිණි.

 

Exit mobile version