ජාතික ජන බලවේගය – සමගි ජන බලවේගය විවාද සම්බන්ධීකරණයට නීතිඥ සංගමයට ඇරයුම්…

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය  සම්බන්ධීකරණය සඳහා ජාතික ජන බලවේගය පාර්ශවයෙන් නම් කර ඇති නලින්ද ජයතිස්ස වෙත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට 25 සහ 26 දෙදිනෙන් එකක පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සිදුකළ ලිඛිත ආරාධනාවට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බැවින් මෙම විවාද පිළිබඳ සම්බන්ධීකරණය සඳහා මැදහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිතිඥ සංගමයෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

තමන් විසින් මුලින්ම ඉල්ලා සිටියේ ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු අතර විවාදයක් වුවද එය මගහැර නායකයින් අතර විවාදයක් සඳහා ජාතික ජන බලවේගය යෝජනා කර ඇති බව සඳහන් කරන සමගි ජන බලවේගය ආර්ථික කමිටු අතර විවාදය පිළිබඳව ඔවුන්ගෙන් කිසිම ප්‍රචාරයක් දක්වා නැති බව ද නීතිඥ  සංගමයට යැවූ ලිපියේ දැක්වේ.

සමගි ජන බලවේගය වෙනුවෙන් සමගි ජන බලවේගයේ විවාද සඳහා පත් කළ මෙහෙයුම් කමිටු ප්‍රධානී නලීන් බණ්ඩාර නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි විවාද සම්බන්ධීකරණය සඳහා ජාත්‍යාන්තරව නීතිඥ සංගමයට ඇති අත්දැකීම සැලකිල්ලට ගෙන මෙම විවාදය සම්බන්ධීකරණය සඳහා මැදිහත්වන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය පහත දැක්වේ.


 

Exit mobile version