ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳෙයි…

The Ministry of Education has come to an agreement to address the salary issue

2024 ජනවාරි මස සිට  ජාතික අධ්‍යාපන  විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා  ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අදාල වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන්  අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් මෙම එකඟතාවයට පැමිණි බව  ද එම නිවේදනයේ දැක්වේ.

එසේ ම විද්‍යාපීඨවල පවත්නා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ගැටලු විසඳා ගැනීමට ලෝක බැංකුවේ ‘GEM’ ව්‍යාපෘතිය සමඟ සාකච්ඡා කර හදිසි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා  ප්‍රතිපාදන ලබා ගැනීමට ද කටයුතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා  නියමිත නව ශික්ෂණලාභීන් ලියාපදිංචි කිරීම 2023  අගෝස්තු මස 10 වැනි දින සිට ආරම්භ කිරීම පිළිබඳව පීඨාධිපතිවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර තිබෙන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.


Exit mobile version