ජාත්‍යාන්තර මැදිහත් වීමක් ඉල්ලා දෙමළ මන්ත්‍රීවරු යළිත් උද්ඝෝෂණයේ..

දිනසේන රතුගමගේ

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතී හා සාධාරණ පරීක්ෂණයක් ජාත්‍යන්තරයේ මැදිහත්වීම මත ආරම්භ කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ හා තවත් දෙමළ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු ඇතුළු විශාල  පිරිසක් 17 දා දහවල් යාපනයේ පෙළපාළි ගියහ.

යාපනයේ නල්ලූර් කෝවිල අසලින් ආරම්භ වූ මෙම පෙළපාළියට දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා  සන්ධානයේ නායක සී.වී.විග්නේස්වරන්  ඇතුලු තවත් දෙමළ දේශපාලනඥයින් රැසක් සහභාගී වී සිටියහ.

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර තුර උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් ආරක්ෂා කොට දෙන ලෙස ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරමින් මෙම පෙළපාලිය සංවිධානය කොට තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙළපාළිය අවසානයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යැවීම සඳහා  ලිපියක්ද යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශාඛා කාර්යාලයට බාර දීමට පෙළපාළිකරුවෝ පියවර ගත්හ.

Exit mobile version