ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු විශේෂ පොලිය නවත්වයි !

වයස අවුරුදු 60න් ඉහළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා බැංකුවලින් ස්ථාවර තැන්පතු සදහා ලබා දී තිබු විශේෂ පොලී අනුපාත ක්‍රමය ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

මේ පිළිබඳව උපදෙස් දක්වමින් මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත අදාළ චක්‍රලේඛයක් යැවීමට කටයුතු කර ඇති අතර එයින් උපදෙස් ලබා දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන මෙම විශේෂ පොලී අනුපාතය අත්හිටුවූ බව අදාළ  ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙන ලෙසය.

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මේ වනවිට අනුගමනය කරමින් පවතින පොලී අනුපාත යටතේ සහ නව මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදය යටතේ මෙම විශේෂ පොලි අනුපාතය අත්හිටුවීමට කටයුතු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා බැංකුවල ස්ථාවර තැන්පතු සඳහා රුපියල් ලක්ෂ 15ක උපරිමයකට යටත්ව සියයට 15ක වාර්ෂික පොලී අනුපාතයක් ලබා දීමට පසුගිය කාලයේ පියවර ගැනිණි.


කෙසේ වුවද මේ වනවිට සමස්ත බැංකු පොලී අනුපාත ඉහළ අගයක පවතින අතර සාමාන්‍ය ස්ථාවර තැන්පතුවකටද සියයට 14.5ක වාර්ෂික පොලී අඅනුපාතයක් හිමි වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සිය තැන්පතු වෙනුවෙන් සියයට 14.5ක පොලී අනුපාතයක් හිමි වීමට නියමිතය.

Exit mobile version