ජයවර්ධනපුර සරසවියේ සිසුවියකට කොවිඩ් ආසාදනය වේ…

සිසුවියන් පිරිසක් නිරෝධායනයට... නේවාසිකාගාරවල සිටින සිසුවියන්ට පිට නොවන්නැයි දැනුම් දෙයි....

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවියකට කොවිඩ් ආසාදනය වී ඇති බව උපකුලපති වරයා නිවේදනය කර ඇත. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ   මහා ශිෂ්‍ය සංගම නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය මුලුමනින් මෙසේය. 

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව උපකුලපතිතුමා විසින් අප වෙත දන්වා එවා ඇත.

පානදුර ප්‍රදේශයේ පදිංචි එම ශිෂ්‍යයාව බෝඩිමක සිටි ශිෂ්‍යාවක් වන අතර ඇය පසුගිය 04 වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ ඇත.


ඊයේ දිනයේදී(09) මෙම ශිෂ්‍යාවට සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ඇයට Covid 19 වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

අද දිනයේ දී(10) ඇගේ බෝඩින් කාමරයේ රැඳී සිටි ශිෂ්‍යාවන්ට හා හෙට(11) දිනයේ දී ඇගේ ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදු කරන බවත්, දැනට කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට එයින් පිට නොවන ලෙසත් උපකුලපතිතුමා දැනුම් දුන් අතර අනෙකුත් සියළුම සිසුන් සෞඛ්‍ය ආරක්ෂිතව වගකීමෙන් කටයුතු කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය ලෙස අප දැනුම් දී සිටිමු.

කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට අවශ්‍ය ආහාර නේවාසිකාගාර උප ශාලාධිපතිවරුන් හරහා ලබා දෙනු ඇත.

ඉදිරියේදී යම් විශේෂ තත්වයක් ඇති වුවහොත් විශ්වවිද්‍යාලයීය පරිපාලනය සමග සාකාච්ඡා කොට දැනුම් දීමට අප බලාපොරොත්තු වෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහා ශිෂ්‍ය සංගමය,
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Exit mobile version