ජපන්නුන්ට සංසර්ගය එපා වෙයි… තරුණ තරුණියන් ලිංගික ඇසුරින් ඈත්වීමේ රැල්ලක්…

ජපන් තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් විවාහ වීමට හෝ පෙම්වතෙකු හෝ පෙම්වතියක වීමට කැමැත්තක් නොමැති බව ජනගහණ ජාතික ආයතනය සිදු කළ සමාජ ආරක්ෂණ පර්යේෂණ සමීක්ෂණ මඟින් හෙළි වී තිබේ.

තනිකඩ පුද්ගලයින් ඔවුන්ගේ විරුද්ධ ලිංගිකයින් සමඟ ඇති ආදරණීය බැඳීම් සම්බන්ධයෙන් 2021 ජූනි මාසයේදී ජාතික ජනගහණ ආයතනය විමසා ඇත. එහිදී වයස අවුරුදු 18 ත් 19ත් අතර තරුණ තරුණියන්ගෙන් අඩක් පමණම ආදර සම්බන්ධයක් නොපැවති අය බව පවසා ඇත.

වයස අවුරුදු 20 ත් 34ත් අතර කාන්තාවන් සීයට 30ක් ද එම වයස සීමාවේ පිරිමි සීයට 40ක් ද කෙදිනක්වත් ආදර සම්බන්ධයක් පැවති අය නොවිණි.

2021 ලබා ගන්නා ලද තොරතුරු අනුව වයස අවුරුදු 20 ත් 24ත් තඅර තරුණ තරුණියන් සීයට 52.6කට ලිංගික අත්දැකිම් නොමැත. එලෙසම වයස අවුරුදු 25 ත් 29ත් අතර සීයට 35කට ද, අවුරුදු 30ත් 34ත් අතර සීයට 39.7කට ද ලිංගික අත්දැකීම් නැති බව හෙළි වී තිබේ.


2010 හා 2015 සමීක්ෂණ වාර්තා හා සසඳා බලන කල 2021 දී කාන්තාවන් සීයට 64.2ක් ද පිරිමි සීයට 72.2ක් ද විරුද්ධ ලිංගිකයින් හා බැඳීම් ඇති කර නොගෙන ඇතැයි සඳහන් වේ. වැඩිදුරටත් අදහස් පළ කර ඇති පිරිමි හා කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පවසා ඇත්තේ විරුද්ධ ලිංගිකයෙකු සමඟ සම්බන්ධතාවයක් ඇරඹීමට කිසිදු කැමැත්තක් නැති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 සමීක්ෂණය සඳහා තනිකඩ පුද්ගලයින් 14 011 කගෙන් කරුණු විමසා තිබේ.

Exit mobile version