ජනාධිපති හා බැසිල් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි කී අශෝක් අබේසිංහ රහස් පොලිසියේ දී ඇනගනී…

සනාථ කිරීමට කිසිම සාක්ෂියක් නෑ ලු... වීඩියෝව හඬ කවලා සංස්කරණය කරන්න ඇති ලු....

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බවට කී ප්‍රකාශයක් මත  අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවට කැඳවා පැය 05ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එළියට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහ වෙනුවෙන් ඔහුගේ ගේ නීතිඥවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්   අදාළ වීඩියෝව හඬ කවා සංස්කරණය ඇති එකක් බවට සැක කරන බව කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී කළ ප්‍රශ්නකිරීම්වලදී මන්ත්‍රීවරයා යළි යළිත් කියා ඇත්තේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   හෝ බැසිල් රාජපක්ෂ   පාස්කු බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කළ බවට තමන් සතුව කිසිදු සාක්ෂියක් නොමැති බව යැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ  ද කියා සිටියේ තම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු මූලාශ්‍රයක් නොමැති බව මන්ත්‍රීවරයා පැවසූ බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව පරීක්‍ෂණයේ තත්වය නීතිපතිවරයා වෙත යොමුකර ඔහුගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Exit mobile version