ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂයක සාගලගේ අත්සනත් හොරට ගසා පොලිස් නිලධාරීන් 12කට මාරුවීම් දෙන ලෙස SDIG ට ලියුම් ලියූ IP අත්අඩංගුවට…

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය –

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකුට ස්ථාන මාරුවීම්ලබා ගැනීමට උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (20)  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා පනස් පස් හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචි අයෙකි.

සාගල රත්නායකගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂයක පොලිස් නිලධාරීන් 12 දෙදෙනෙකුගේ නම් ලයිස්තුවක් සකස් කර ඔවුනට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට උතුරු මැද පළාත්මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කර තිබී ඇතැයි රහස් පොලිසිය පවසයි.

ඉදිරිපත් කරන ලද මෙම ලේඛනය ගැන ඇති වූ සැකයක් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිසියට පොලිසියට භාරදී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

 

Exit mobile version