ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයේ යෙදණු ගුරුවරු 42ක් අත්අඩංගුවේ

ගුරුවරියන් 16ක් ඒ අතර...

කීර්ති ප්‍රනාන්දු –

ගුරු උද්ඝෝෂණයේ යෙදුනු ගුරුවරුන් 42 දෙනෙක් මීට ස්වල්ප වෙලාවකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

අයුතු අවහිරය, නීති විරෝධී ජන රාශියක සාමාජිකයන් වීම, ජාතික මං මාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගය අවහිර කිරීම, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම යන චෝදනා මත මේ ගුරු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අරත ගුරුවරු 26ක් හා ගුරුවරියන් 16ක් වෙති.


මේ රටේ පවතින තත්වය මත උද්ඝෝෂණ නොකරන ලෙස පොලිසිය විසින් උද්ඝෝෂකයන්ට දැනුම් දී තිබිය දී මෙම උත්ඝෝෂණය සිදුකළ බව පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් ගුරු පිරිසෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇත.

Exit mobile version