ජනාධිපති ලේකම්ගේ අණින් වස පොහොර ටොන් 18000ක් වෙළෙඳපොළට !

ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියයි

පොහොර ගෙන්වන සමාගමක් විසින් මෙරටට ගෙන්වන ලද කැඩ්මියම් සහ ඊයම් අඩංගු විස සහිත ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් ජනාධිපති ලේකම්වරයාගේ අණින් මෙරට වෙළෙඳපොළට නිදහස් කර ඇති බව අනාවරණය වී ඇතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද (6) සභාව කල් තැබීමේ විවාදය අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ මෙම පොහොර තොගයේ සාම්පල ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් පරීක්ෂා කිරීමේදී ඉහත සඳහන් විෂ ද්‍රව්‍ය සම්මත අගය ඉක්මවා පවතින බැවින් ඒවා මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතයට නිකුත් කළ නොහැ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් පොහොර නොමැති බැවින් මෙම පොහොර වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ප්‍රමිති ආයතන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්නට ලිඛිතව දන්වා ඇති බවත් ඒ අනුව මෙම පොහොර තොගය මෙරට වෙළෙඳපොලට නිදහස් කර ඇති බවට වාර්තා වන බවත් පාර්ලිමේන්තුවේදී හෙලි කළ ආචාර්ය හර්ෂ ද සිල්වා තමන්ට චෝදනා එල්ල කිරීමට පෙර මෙහි සත්‍ය අසත්‍යතාව රටට පැහැදිළි කරන ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version