ජනාධිපති දඹුල්ලට ඇවිත් හදපු එළවළු සිස්ටම් පළාතේ මිතුරෝම විනාශ කරලා

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න

ජනාධිපතිවරණ සමයේ දඹුල්ලට පැමිණ මාෆියව සති දෙකකින් වෙනස් කරනවට ජනාධිපතිතුමා පොරොන්දු වුවද අද දඹුල්ලේ දේශපාලන ගජමිතුරු එළවළු මාෆියාව ජනාධිපතිතුමාවත් පරදවා ඇති බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කවිරත්න පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් මෙසේ කියා සිටී. ” මේ වනවිට එළවළු ගොවියෝ අස්වැන්නට මිලක් නැතිව බෙල්ලේ වැලදාගන්නට හදද්දී දඹුල්ලේ දේශපාලන අතදරුවෙක් ‘මේ ආණ්ඩුවෙන් ගොවියාට අගතියක් වෙන්නේ නෑ කියලා‘ විහිළු කරනවා. ගොවියාගේ කඳුළු ව්‍යාපාරික ගජමිතුරන්ට මසුරං කරනවා.

මැනිං වෙළදපොල වසා දැමීම නිසා මුළු රටේම එළවළු වෙළෙඳපොළ විකෘති වී, සැපයුම් ජාල අවුලෙන් අවුලට පත් වෙලා තියෙනවා. දඹුල්ලේ දේශපාලනඥයෝ හා ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් පැයෙන් පැය වෙනස් වෙන එළවළු වෙළෙදපොල නිධානයක් කරගෙන ඉන්නවා.


මේ වනවිට දඹුල්ලට එළවළු ඇතුළු කෘෂි නිෂ්පාදන රැගෙන එන ගොවි ජනතාව පත්ව ඇති කණගාටුදායක තත්ත්වය පිළිබඳව මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඇය තවදුරටත් සඳහන් කරන්නේ රටේ ජනතාවට සාධාරණ මිලකට එළවළු ලබා දීමට සහ ගොවි ජනතාවට නියම මිලක් ලබා ගැනීමට තිබෙන වුවමනාව පලාතේ දේශපාකයන්ට නොමැති බවයි.

මෙම දේශපාලකය් ගොවීන්ගේ කඳුළු හිතමිතුරු ව්‍යාපාරිකයන්ගේ මසුරං බවට පත් කරමින් සිටින බව” ඇය සඳහන් කර ඇත.

රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය මෙසේද පවසයි.

“මැතිවරණ සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දඹුල්ලේ දේශපාලනඥයින් – තැරුව්කරුවන් කිහිප දෙනාගේ මාෆියාව සති දෙකකින් අවසන් කරනවා කිව්වා. ජනාධිපතිතුමාට එළවළු ප්‍රශ්නය විසඳන්න තියෙන උවමනාව ‘දේශපාලන ගජමිතුරෝ‘ විනාශ කරලා ඉවරයි. ජනාධිපතිතුමනි, ඔබ දඹුල්ලේ ‘ගජමිතුරු සමාගමට‘ පැරදිලා ඉවරයි.

මාතලේ විතරයක් නොවෙයි, පුත්තලම, රත්නපුර, නුවරඑළිය, වැලිමඩ, හපුතලේ රටේ හැමතැනම එළවළු විකුණාගන්න බැරිව ගොවියෝ අන්ත අසරණ වෙලා ඉන්නවා. නුවරඑළියේ ලීක්ස් කිලෝව රු. 20 ට යනකොට කොළඹ තොග මිල රු. 140 කියලා කෘෂිකර්ම ඇමති දන්නවා. බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්නය ගැන නිවේදන නිකුත් කරනවා.
හැබැයි දඹුල්ලේ දේශපාලන අතදරුවෙක් එළවළු ප්‍රශ්නය ගැන කථාකරපු හිටපු කථානායක කරූ ජයසූරිය මහත්මාටත්, මටත් අවලාද නගනවා යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයේ දැක්වේ.
රට පුරා එළවළු විකුණාගන්න බැරිව වගා බිම්වල කුණුවෙලා යනවා. අද හඟුරන්කෙත, වලපනේ, බණ්ඩාරවෙල තක්කාලි කිලෝවක් රු. 30 යි. රාබු කිලෝවක් රු. 20 යි. ආණ්ඩුවේ ගජමිතුරේ මේ එළවළු බස්නාහිරට ගෙනිහින් රු. 300 ට විකුණනවා. මාතලේ දේශපාලන අතදරුවා ගොවියායි – පාරිභෝගිකයයි වෙනුවට ‘අතරමැදියෝ කිහිප දෙනෙක්‘ වෙනුවෙන් පෙනී සිටිනවා.

සුවිශේෂ ආපදා තත්ත්වයක් ඇතිවුනාම අධික ලාබ ලබන්නට බලාගෙන එන්න අතරමැදියාගෙන් ගොවියා ත්, පාරිභෝගිකයාත් රැකගන්නට රජයට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. දඹුල්ලේ එළවළු මිල තීරණය කරන්නේ දේශපාලනඥයින් හා ඔවුන් ගේ ගජමිතුරු සමාජයයි. ඒ නිසා ගොවියාට මිලක් නැති වෙලා. පාරිභෝගිකයාට කන්න නැති වෙලා.

දඹුල්ලේ රු. 40 ට ගොවියාගෙන් ගන්න එළවළු කිලෝවක් බස්නාහිර දී රු. 260 ට – 300 ට පාරිභෝගිකයා අතට පත් වෙනවා. මේක සහගහන අපරාධයක් යැයි ද කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැනිං වෙළෙදපොල වසා දමා රටේම එළවළු දඹුල්ලට ආපු නිසා ගොවියා විනාශ වුණා. ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් හා ඔවුන්ට ආරක්ෂාව සලසන දේශපාලනඥයින්ගේ ගජමිතුරෝ මෙකෙන් ලාබ ලබනවා. දඹුල්ලේ එළවලු වෙළෙදාම අද මහ දවල් සිදු කරන මංකොල්ලයක් බවට පත් වෙලා තිබෙනවා යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Exit mobile version