ජනාධිපති ගෝඨාභයගේ අති විශිෂ්ට මහෙවරට අබ්දුල් රාසික් කෘත ගුණ පල කරයි…

කොවිඩ් ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු වළ දැමීමට රජයෙන් අවසර ලැබේ...

කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ල්ම් ජාතිකයන්ගේ ආගමික අයිතියට ගරු කරමින් වත්මන් රජය කොවිඩ් ආසාදිත මරණ භූමිදාන කිරීමට අවසර ලබා දීම පිළිබඳව වත්මන් රජයේ ගරු ජනධිපතිවරයාට හා ගරු අගමැතිවරයාට ස්තුතිය පුද කරන බව දන්වමින් සිලෝන් තව්හීද් ජමාඅත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල්  රාසික් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විශේෂ ලියුමක් යොමු කර තිබේ.

අප රටේ ජනපති වශයෙනුත්, ඓතිහාසික රජය වශයෙනුත්, සිදුකළ ඓතිහාසික වැදගත් කමකින් යුක්ත ඉතා වටිනා තීරණයක් ලෙස මුස්ලිම් ජනතාව මෙම ඓතිහාසික තීරණය සලකා සිටින බව අබ්දුල් රාසික් ගේ සිලෝන් තව්හිද් ජමාඅත් සංවිධානය වැඩි දුරටත් දන්වා සිටී.

මේ අතිවිශිෂ්ට මෙහෙවර කෘතගුණ සැලකීමක් වශයෙන් මුස්ලිම් ජනතාව පූර්ණ සහයෝගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබා දෙන බව ද ඔවුහු දන්වති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

Exit mobile version