ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය අත්පත් කරගත් පිරිසට නඩු දානවා… 8වන විධායක ජනපති දිවුරුම් දෙන්න පෙර කියයි..

අරගලය යනු ආණ්ඩු පෙරළීම නොවන බවත් රටේ ජනාධිපති කාර්යාලය අත්පත් කරගැනීම, අගමැති කාර්යාල අත්පත් කරගැනීම සිදුකළ පිරිස සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්  පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ඉතිහාසයේ පළමු වරට රටේ විධායක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ  ඊයේ සවස ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ලෙස  තේරී පත් වූ පසු කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය අමතා ඔහු ඒ බව පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කීවේ අද ඇති ක්‍රමවේදයට වෙනස් විය යුතු බවට අදහස් දක්වන  සාමකාමීව අරගලකරුවන්ට අවශ්‍යනම් වේදිකාවක් තමන් සකස් කර දෙන බවය. එහෙත් අරගලය මුවාවෙන් ආණ්ඩු පෙරළන්නට ඉඩ දිය නොහැකි බවය.

Exit mobile version