ජනාධිපති අවසන් මොහොතේ සිංගප්පූරු ගමන කල් දමයි ! අස්වීමේ ලිපියත් තවම නෑ !

 

 

මාලදිවයිනේ සිටින ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනතෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවා නොමැති බවත් ඊයේ සිංගප්පූරුවට යාමට සූදානම් වුවද අවසාන මොහොතේ ආරක්ෂක හේතූන් මත යාමට නියමිතව තිබූ ගුවන් යානයට ගොඩ වී නොමැති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු අද දින සිංගප්පූරුවට යාම සඳහා පෞද්ගලික ජෙට් යානයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර එම ජෙට් යානය පැමිණි පසුව ඔහු සිංගප්පූරුව බලා පිටත් වනු ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

ඊයේ සවස මාලදිවයිනේ වෙලෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපළට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ රාත්‍රි 11. 25 ට එම ගුවන් තොටුපලේ සිට සිංගපූරුව චැන්ගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා  පිටත් විමට නියමිතව තිූ SQ 437 දරණ   සිංගප්පූරු ගුවන් සේයට අයත් යානයේ රාජපක්ෂ ජනාධිපතිවරයා බිරිඳ සහ ආරක්ෂකයන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණද අවසන් මොහොතේ ආරක්ෂක හේතූන් මත එම ගුවන් යානයේ ගමන් නොගත් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයාට මෙම ගමන්බිමන්වලදී රාජ්‍ය නායකයකු සතුව ඇති මුක්තිය සහ ආරක්ෂාව ඔහු ඉවත් වුවහොත් නොලැබෙන හෙමයින් ආරක්ෂිත ගමනාන්තයක් දක්වා යන තෙක් ජනාධිතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවීමෙන් වැලකී සිටිනු ඇති බවටද මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. සිංගප්පුරුවට යාමට සැලසුම් කර ඇති ජනාධිපතිවරයා පසුව මැදපෙරදිග රාජ්‍යයක් බලා පිටත්වීමේ සූදසානමක් ඇති බවටද මෙම තොරතුරු තවදුරටත් සඳහන් කරයි.


Exit mobile version