ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

Ranil-Sagara

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අද (20) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ. බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ  පළාත් පාලන ආයතනයක බල සීමාවක සිටින ජනතාවගේ  එදිනෙදා කටයුතු, සෞඛ්‍ය ආරක්ෂිතතාව, විවිධ කාරණ සම්බන්ධයෙන් මැදිහත් වීමට බලය විමධ්‍යගත කිරීමේ කුඩාම ඒකකය පළාත් පාලන ආයතන බවය.

බලය විමධ්‍යගත කිරීමේ අනෙක් ව්‍යුහය වන පළාත් සභා රට තුළ ක්‍රියාත්මක  වන්නේ  ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මහජන නියෝජිතයන්ගෙන් තොරව බව ද ඔහු සඳහන් කළේය.


පළාත් සභා පවත්වාගෙන යන්නේ නම් මහජන නියෝජිතයින් හරහා පවත්වාගෙන යා යුතු බව දිගින් දිගටම පොදු ජන පෙරමුණ කියා සිටියත් මේ වනවිට එහ ආයතන පාලනය කරන්නේ ජනාධිපතිවරයා විසින් පත් කළ ආණ්ඩුකාරවරුන් 09 දෙනෙක් බව මහ ලේකම් වරයා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පලාත් පාලන  ආයතන අදාල ප්‍රදේශයේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන් හරහා  පාලන කිරීමට   නිර්මාණය කර තිබුණ ද ඊයේ සිට  මුළු  පළාත් පාලන ආයතන ව්‍යුහයම පාලනය කරන්නේ  රාජ්‍ය නිලධාරීන් හරහා බව ඔහු කීවේය.

Exit mobile version