ජනපති සර්ව පාක්ෂික රජයක් සඳහා   සියලුම මන්ත්‍රීවරුන්ට ඇරයුම් කරයි….

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස     සියලුම මන්ත්‍රීවරුන් වෙත ජනාධිපතිතුමා ලිඛිතව ආරාධනාවක් කර ඇත.

මෙවැනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට එක් වීම මන්ත්‍රීවරුන්ගේ ද යුතුකම බව දන්වමින් ඒ සඳහා කඩිනම් එකඟතාවය දන්වන ලෙස ඉල්ලා  ජනාධිපතිවරයා  අද උදේ මෙම ආරාධනාව සියලුම මන්ත්‍රීවරුන් වෙත යොමු කර තිබේ.

එම ලිඛිත ආරාධනාව පහත දැක්වේ.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම.


අප රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුළ නිර්මාණය වු දේශපාලනික හා සමාජයීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. ඒ අනුව, ක්‍රමවත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සැලසුම් සකස් කරමින් පවතින අතර, ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ද ගනිමින් සිටින්නෙමු.

කෙසේ වුව ද, අප හමුවේ පවතින අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මේ මොහොතේ පොදු මහජනතාවගේ අභිප්‍රාය වන්නේ ද පාර්ලිමේන්තුව තුළ ඔවුන් නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින් සියලුම දෙනා පොදු වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීමට කටයුතු කිරීම වේ. එය රජයේ සහ ඔබතුමාගේ ද යුතුකමකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, මෙම ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු  ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට මා අදහස් කරන අතර, ඒ සඳහා ඔබතුමාගේ/ පක්ෂයේ එකඟතාවය කඩිනමින් මා වෙත යොමු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

 

Exit mobile version