ජනපති රනිල්ට සුබ පතන නායකයන් ගොඩට ඉන්දිය අගමැති මෝදිත් එක්වෙයි!

PM Modi

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය පත්වීම නිමිත්තෙන් සුබ පැතුම් සහිත ලිපියක් යොමු කළ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ස්ථාපිත ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේද, ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව හරහා ස්ථාවරත්වය සහ ආර්ථික තත්ත්වය යහපත් කරගැනීම සඳහා ප්‍රයත්නයන්ට ඉන්දියාව තවදුරටත් සහයෝගය ලබා දෙන බව ඉන්දිය අගමැතිවරයා ජනපතිවරයා වෙත එම සුබ පැතුම මඟින් පනිවිඩයක් ලබා දී ඇති බව ඔවුහු සඳහන් කරති.

එසේම අනෝන්‍ය සුබසිද්ධිය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඉපැරණි සමීප සහ මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව එමලිපිය මඟින් නරෙන්දු මෝදි අගමැතිවරයා සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර නව ජනාධිපතිවඑයාගේ පත්වීම සම්බපන්දයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් සුබ පතා තිබුණි.


Exit mobile version