ජනපති රනිල්ගෙන් සොල්හයිම්ට තනතුරක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  නෝර්වේ හිටපු දේශගුණික හා පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම්  තමන්ගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයා ලෙස පත් කර තිබේ.

සඳුදා (10) ශ්‍රී ලංකාවට පැමිණි එරික් සෝල්හයිම්   ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මෙම තනතුරු පිරිනමා ඇත.

ෙරැස්වීම පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන  සෝල්හයිම්  කීවේ මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් නෂීඩ් සමඟ ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස තමන් පත් කර ඇති බවයි.

හරිත ආර්ථිකයක්  සහ ශ්‍රී ලංකාවේ  නායකත්වය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට විශිෂ්ට දැක්මක් ඇති බව එරික් සෝල්හයිම් වැඩිදුරටත් පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ සිවිල් යුද්ධය පැවති සමයේ  දී   රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු  වකවානුවේත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ කාලයේත්     සෝල්හයිම්    රජය සහ එල්ටීටීඊය අතර මැදිහත්කරු ලෙස කටයුතු කළේය.

 

Exit mobile version