ජනපති නුගේගොඩ කිරිපිටි පෝලිම් නැති කළහැටි එස්ඩීඅයිජී දේශබන්දු කියයි!

කිරිපිටි අලෙවිකරන ස්ථානවල දිගු පෝලිම් නැති කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පොලිසියට ලබා දුන් උපදෙස් මත දේශීය කිරිපිටි නිශ්පාදන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් දියත් කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ ද පැවසීය.

“පැලවත්ත කිරිපිටි බෙදා හරින  ස්ථානවල ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම පිළිබඳව ඊයේ දිනයේ දී ගරු ජනාධිපතිතුමා විසින් එම ආයතනය සමග කළමනාකාරිත්වය සමග කතා කරලා පහසු ක්‍රමවේදයක් හදන්න පොලිසියට උපදෙස් දුන්නා. “


“අනුව එම ආයතනයේ ප්‍රධානියාවන ආරියශීල වික්‍රමනායක මහත්මයා එක්ක කතා කරලා ජනතාවට ඉතා පහසුවෙන් පෝලිම්වල රැඳී නොසිට කිරිපිටි හා අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගන්න ක්‍රමවේදයක් හැදුවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ අනුව නුගේගොඩ ප්‍රදේශයේ එක් ස්ථානයක අලෙවි කළ නිශ්පාදන ස්ථාන කීපයකින්, ආනන්ද සමරකෝන් රඟහල ආසන්නයේ දී , පිටකෝට්ටෙ ප්‍රදේශයේ දී හෙට දවසේ කෝට්ටේ නගර සභාව ආසන්නයේ දී කිරිපිටි මිලදී ගන්න පහසුකම් සලසලා මහජනතාවට ඉතාම පහසුවෙන් රස්තියාදුවකින් තොරව බඩු මිල දී ගන්න අවස්ථාව සලසනවා.“

Exit mobile version