ජනපති නන්වාගෙන නාමල් පැදවූ වාහනයකින් අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ඉඳුල් වෙයි!   

ජොන්ස්ටන් ඊට පසුපසින් අගමැති නන්වාගෙන වාහනයක් පදවයි...

ඇතුගල්පුර පිවිසුම විවෘත කිරීමට මොහොතකට පෙර - (ඡායාරූපය නිව්ස් රේඩියෝ)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර වන ඇතුගල්පුර පිවිසුම අද ජනතා අයිතියට පත් කෙරිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   සහ අගමැති මහින්ද රාජපක්ෂ   විසින්   පීත්ත පටියක් කපා කිලෝමීටර් 40.91 ක දුර ප්‍රමාණයක මෙම අධිවේගී මාර්ග කොටස මහජනතාවට විවෘත කළේය.

මෙම අවස්ථාවට මැති ඇමතිවරු  ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.


අමාත්‍ය නාමල් රාජපක්ෂ පැදවූ වාහනයකින් ජනාධිපතිවරයා ප්‍රථමයෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ අතර, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැදවූ වාහනයකින් මීරිගම-කුරුණෑගල මාර්ගයට ඇතුළු වූ දෙවැනියා අගමැති මහින්ද රාජපක්ෂය.

පාරිසරික හා සමාජීය බලපෑම් අවම කිරීම සඳහා ඉදිකරන ලද අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මඟ හැර ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් කර තිබේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගයේ මංතීරු හතරක කොටස මෙරට අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුන්වා දෙනු ලැබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසට මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල ගාස්තු කවුන්ටර සහිත අන්තර් හුවමාරු පහක් ඇතුළත් වේ.

ෙමෙම මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 137 ක වියදමින් ඉදිකර ඇත.

මංතීරු හතරකින් යුත් කොළඹ-නුවර මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් හතරක් යටතේ නිමවෙමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළමු කොටස කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37.09 ක් ද, දෙවන කොටස මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40.91 ක් ද, ප්‍රවේශ මාර්ගය කිලෝමීටර් 9.7 ක් අඹේපුස්ස දක් වා ද, තුන්වන කොටස කුරුණෑගල, පොතුහැර සිට ගලගෙදර දක්වා   කිලෝමීටර් 32.50 කින් යුත් ප්‍රවේශ මාර්ගය ද වේ. කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ  දිග කිලෝමීටර් 60.30 කි.

Exit mobile version