ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.

දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසීය.


මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේලා බැහැදුටු ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිතර විය.

උන්වහන්සේ පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට සෙත් ප්‍රාර්ථනා කළහ.

ජනාධිපතිවරයා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි සහ ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමිවරු ද එම අවස්ථාවට එක්වූහ.

Exit mobile version