‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිත්වයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම හරියට, පාසලක විදුහල්පතිවරයෙක් විසින් එහි දඟකාරම සහ දක්ෂතම සිසුවාට පන්තිය පාලනය කිරීමට දෙනවා වගේ වැඩක් බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
රටේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වී ඇති මෙම පත්කිරීම පිළිබඳ අද පැවති හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවෝ පත්කළේ මොකටද කියන කාරණය මගෙන් ඇහුවා. මම ඉතාම පැහැදිලිවම කියන්න ඕනෑ ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවෝ ජනාධිපතිතුමා පත් කරන්න ඇත්තේ සියලු දෙනාටම සාධාරණයක් කරයි කියලා බලාපොරොත්තුවෙන්. ඒත් ඒකට හේතුව අපි දන්නවා ඉස්කෝලේ ප්‍රින්සිපල් දඟකාර සහ දක්ෂ පුද්ගලයාට තමයි පන්තිය පාලනය කරන්න දෙන්නෙ. ඒ වගේ කටයුත්තක් කරලා තියෙන්නේ. හුඟක් දෙනෙක් ඒක දන්නේ නෑ. උන්වහන්සේට ඒක බාර දුන්නහම උන්වහන්සේ අනිත් අයත් පාලනය කරගෙන සියලු දෙනාටම සාධාරණයක් වෙන විදියට කටයුතු කරන්න උන්වහන්සේට වෙනවා. ඒ නිසා අන්න ඒ කටයුත්ත තමයි මේ කෙරිලා තියෙන්නේ කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.” යැයි අමාත්‍යවරයා එහිදී කියාසිටිියේ ය.