ජනපති ගෝඨා්භයගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ….

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්  වූ බව කතානායකවරයා නිවේදනය කළේය.

කථානායකවරයා ඒ බව මාධ්‍ය නිවේදනයකින් ශ්‍රී ලංකාවට ප්‍රකාශ කරනු ලැබුවේය.

.ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වුණේ, සිය ධුර කාලය නිමා කිරීමට තවත් වසර දෙකකටත් වඩා තිබිය දී ය.

පසුගිය 13 වැනිදා සිය ඉල්ලා අස්වීම බාරදෙන බවට පොරොන්දු වූ ජනපති අනතුරුව මාලදිවයිනටත්, මාලදිවයිනෙන් සිංගප්පූරුවටත් ගමන් කළේය.


සිංගප්පූරුවේ සිට ඊයේ රාත්‍රියේ එවු බව කී ඊ මේල් පණිවිඩය තහවුරු කරගෙන අද රටට නිල වශයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බව කතානායකවරයා රටට දැන්වූයේය.

ඒ අනුව එම ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ වී ඇත.

කතානායකවරයා විසින් කළ එම නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38/1 ආ වගන්තිය ප්‍රකාරව ගරු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත.

ඒ අනුව 2022 ජුලි මස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධුරයෙන් නීත්‍යානුකූලව  ඉවත් වී ඇත.

මෙතැන් පටන් නව ජනාධිපතිවරයෙක් තොරා ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇත.

එම ක්‍රියාදාමය අවසන් වනතෙක් ජනාධිපති ධුරයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කරීම සඳහා ව්‍යවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත.

නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පක්ෂ නායක රැස්වීමේ දී මා විසින් සියලු පක්ෂ නායකයන් දැනුම්වත් කළ ආකාරයට 1981අංක  දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ. එම ක්‍රියාදාමය ඉතා ඉක්මනින්ම සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය ප්‍රකාශයට පත් කළ ආකාරය මෙසේය.

Exit mobile version