ජනපති එනකම් වැඩ බලන රාජ්‍ය ඇමතිවරු වැඩ බලන ඇමතිවරු වෙති…

දිවයිනෙන් බැහැරව  ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල්  වික්‍රමසිංහ යටතේ පවතින අමාත්‍යාංශවල රාජකාරි වගකීම් එම රාජ්‍ය ඇමතිවරුන් වෙත පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශ කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව වැඩ බලන රාජ්‍ය ආරක්ෂක ඇමති ලෙස  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ  බලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස ෂෙහාන් සේමසිංහ, වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස දිලුම් අමුණුගම, වැඩ බලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස  කනක හේරත්, වැඩ බලන ළමා කටයුතු සහ රාජ්‍ය සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙස අනුප පැස්කුවල් පත් කර තිබේ.

Exit mobile version