ජනපති ඉන්දීය අගමැතිට පොරොන්දු වූ ලෙස 13 ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ආණ්ඩුවත්  බිඳෙන ලකුණු!

13 ගෙඩි පිටින් දෙනවට පොහොට්ටුවෙන් බරපතල විරෝධයක්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමේ දී එහි අන්තර්ගත පොලිස් බලතල හැර සෙසු කොටස් ක්‍රියාවට නන්වන බවට ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා හමුවේ එකඟතාවය පල කිරීම හේතුවෙන්   ආණ්ඩුවේ අභ්‍යන්තරයේ දැඩි  අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වි ඇතැයි ආණ්ඩුවේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඉන්දියානු අගමැතිවරයාට එකඟතාවය පල කළ ද ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු අතර ඒ පිළිබඳව දැඩි රෝධයක් ප්‍රකාශ වීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිත පරිදි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනයේ අන්තරගත පොලිස් බලතල හැර සෙසු සියලු අංගයන් ක්‍රියාවට නැන්වීම සඳහාවන ක්‍රමවේදය මේ වනවිටත් ආණ්ඩුව විසින් සකසමින් ඇත.

කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනයේ අන්තරගත පොලිස් ඉඩම් බලතල ලබා දීම සඳහාවන කිසිම තීරණයක් පොදුජන   පෙරමුණ විසින්  ගෙන නැති බව එහි ප්‍රබල ක්‍රියාකාරිකයෙක්වන එස්.බී. දිසානායක පැවසීය.


මෙම බලතල ක්‍රියාවට නන්වන්නේ නම් ඒ පිළිබඳ පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ වහා කථිකාවක් ආරම්භ කර ඒ සම්බන්ධව තීරණයක් ගත යුතු බවද එස්.බී දිසානායක කීවේය.

මීට ඉහත දී පොදු ජන පෙරමුණ තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොලිස් ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමට එකඟ නොවන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැන්වීමේ දී ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබේ.

 

Exit mobile version