ජනතාවට එන්නත් දීම ඔබේ වැඩක් නොවේ!… රජයේ වෛද්‍ය නිලධාරී සංගමය යුද හමුදාපති හෙළා දකී!…

කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරිම සදහා ෆයිසර් එන්නත ලබා දිමේ පූර්ණ බලය යුද හමුදාවට ලබා දීමට රජය තීරණය කළ බව හමුදාපතිවරයා ප්‍රකාශ කළ බවත් එම තීරණය දැඩි ලෙස හෙලා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ජනතාවට එන්නත් ලබා දිම සෞඛ්‍යඅංශ මගින් කළ යුතු දෙයක් බැවින් මෙම අවිධිමත් වැඩ පිළිවෙළ හැකි ඉක්මනින් නිවැරදි  කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ඉල්ලා සෞඛ්‍ය ඇමතිට ලිඛිතව දැනුම් දීමට සංගමය අද (30) තීරණය කළ බව සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු   සඳහන් කරයි.

ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇති අපගේ එන්නත්කරණ වැඩ පිළිවෙළ  හා සෞඛ්‍ය අංශ එම පැසසුමට ලක් වූයේ සෞඛ්‍ය අංශ  ලබා දුන් නායකත්වය නිසා යැයි ඔවුහු අවධාරණය කරති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසංගත පාලනය හා එන්නත්කරණය සඳහා නායකත්වය සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දිය යුතු අතර එන්නත්කරණය හා වසංගත පාලනය සම්බන්ධ තීන්දු තීරණයන් විශේෂඥ කමිටු මගින් සිදුවිය යුතු යැයි ද සංගමය අවධාරණ කර සිටියි.

Exit mobile version