ජගත් මානව හිමිකම් කමිටුවට දෙමළ පක්ෂවලින් යෝජනාවලියක්

දිනසේන රතුගමගේ

ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවර පැවැත්වෙන 46 වෙනි ජගත් මානව හිමිකම් කමිටු රැස්වීමට දෙමළ ජනතාව වෙණුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට උතුරේ ප්‍රධාන දේශ පාලන පක්ෂ තුනක් සාකච්ඡා ආරම්භ කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාද,තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂය වෙණුවෙන් සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයාද,අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය වෙණුවෙන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාද මේ සම්බන්දයෙන් සාකච්ඡා කොට ඇති අතර ඔවුන් තුන්දෙනාගේ ප්‍රධානත්වයෙන් යෝජනාවලිය කෙටුම්පත් කිරීමටද තීරණය වී තිබේ.


මේ යෝජනාවලිය කෙටුම්පත් කිරීමේදී පසුගිය වසර පහකදී ජගත් මානව හිමිකම් කමිටුව විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉටුකිරීම සදහා ලබා දී ඇති යෝජනාවලින් මෙතෙක් ක්‍රියාත්මක නොවූ යෝජනාවන් යළි ක්‍රියාත්මක කරවා ගැනීමට මුල් තැනක් ලබා දෙන බව කමිටු නියෝජිතයෝ ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙවර ජිනීවා මානව හිමිකම් කමිටුවට මෙම දේශපාලන පක්ෂ වල නියෝජිතයින් සහභාගි වනවාද නැද්ද යන්න තවමත් තීරණය කොට නොමැත.

Exit mobile version