ජංගම දුරකථන තිරයෙන් කොරෝනා හඳුනාගන්නා විදිය

covid phone

ජංගම දුරකථන වල තිරය භාවිතා කරමින් කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් බි්‍රතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් හඳුන්වා දීමට සමත්ව තිබේ.

ඒ අනුව සාම්ප්‍රදායික පී.සී.ආර්. පරීක්ෂණ කිරීම වෙනුවට ජංගම දුරකථනයේ තිරයේ පී.සී.ආර් කිරීමට යොදාගන්න පුළුන් රැදවූ කූරක් (swab) මගින් පිරිමැද එම සාම්පල පරීක්ෂා කර වෛරසය හඳුනා ගැනීමට නව ක්‍රමවේදයෙන් හැකියාව ලැබේ.

බි්‍රතාන්‍යයේ යුනිවරිසිටි කොලේජ් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙම නව සොගැනීම සිදු කිරීමට සමත්ව තිබේ.
පර්යේෂකයින් පවසන පරිදි සාම්ප්‍රදායික පී.සී.ආර්. පරීක්ෂණ මඟින් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සනාථ වූ පුද්ගලයින්ගේ ජංගම දුරකථනවල තිර පිරිමැදීමෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදීද ඔවුන්ට වෛරසය වැලඳී ඇති බවට තහවුරු කරගැනීමට හැකි වූ බවයි.


මෙම පරීක්ෂණ ක්‍රමය කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගැනීමට සාර්ථකව යොදාගැනීමට හැකියාව පවතින බව පර්යේෂකයින් සඳහන් කරයි.

එසේම මෙම ක්‍රමවේදය මගින් පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේදී ඇති වෙන අපහසුතා මඟහරවා ගැනීමටත් වඩා ලාභ දායක බවත් පර්යේෂකයින් පෙන්වාදෙයි.

අදාල පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන සාම්පල මිනිත්තුවකටත් අඩු කාලයදී ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ සඳහා වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජියෙකු අවශ්‍ය නොවන බවද පර්යේෂකයින් සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පර්යේෂකයින් පවසන පරිදි මෙම පරීක්ෂණ පහස කරවීමට නවතම යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටින අතර එමගින් ඉදිරියේදී කඩිනමින් කොරෝනා ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීමට හැකිවෙනු ඇති බවට පර්යේෂකයින් විශ්වාසය පළකරයි.

Exit mobile version