ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය එකඟ වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් තැබීමත් සමඟ රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා දින 05ක් ඇතුළත ද, අනෙක් ඡන්ද පත්‍රිකා දින 20-25ක් අතර ද මුද්‍රණය කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දිය හැකි  මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරන කොමිසන් සභාව පවසන්නේ මේ ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරමින් අංක 2322/28 සිට අංක 2322/52 දක්වා 2023.03.08 වනවිට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින්  අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර ඇති බවය.

මැතිවරණ කොමිසමේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන අන්දමට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් කරන ලද ඉල්ලීම අනුව අවශ්‍ය පොලිස් නිළධාරීන් සංඛ්‍යාව හා අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබා දිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ කොමිසමට දන්වා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එලෙසම ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධ තීරණය,  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකඟ වී ඇත.

Exit mobile version