ඡන්දේ දිනන්න ටියුෂන් ගුරුවරුන්ගෙන් උදව් ගත්ත ආණ්ඩුව අද පන්තිවලට බාධක දැමීම අසාධාරණයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය කියයි

මැතිවරණ කාල වකවානුවේදී උපකාරක පන්ති ගුරුවරුන්ගේ සහය නොමදව ලබාගනිමින් බලයට පැමිණි වර්තමාන පාසල් පද්ධතිය විවෘත කිරීමට සමගාමීව උපකාරක පන්ති ආරම්භ කිරීමට ඉඩ ලබා නොදීම පිළිබඳව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය රජයට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට සිය අප්‍රසාදය පළ කරයි.

රජය පාසැල් පද්ධතිය වසා දැමීමත් සමග උපකාරක පන්ති පද්ධතියද වසා දැමීමට උනන්දු වුවද පාසැලේ පද්ධතිය නැවත ආරම්භ කිරීමත් සමග උපකාරක පන්ති ආරම්භ කිරීමට ඉඩ ලබා දී නොදීමෙන් මෙම ක්ෂේත්‍රයේ ලක්ෂ තුනකට අධික ගුරුවරුන්ට මෙන්ම ලක්ෂ තිහකට අධික දරු ප්‍රජාවට කරන ලද විශාල අසාධාරණයක් වී ඇතැයි එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විශේෂයෙන් දෙවනි වරට හා තෙවැනි වරට අ.පො.ස.සාමාන්‍ය පළ විභාගය හා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය මෙම පියවර හේතුවෙන් අබියෝගයට ලක් අති බවද පෙන්වා දෙන පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වෘත්තීය සංගමය පවසන්නේ Covid 19 වසංගතයේ පළමු අදියෙරේදී උපකාරක පනේති අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෙවේදය පිළිබඳව නොදන්නා අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගෙන් අසා දැනෙගන ප්‍රකාශ නිකුත් කරන්නේ නම් මීට වඩා වගකීම් සහගත විය හැකි බවය.


“අපගේ හැඟීම වන්නේ ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෙවේද ආරම්භ කරන ලද ප්‍රධානම ක්ෂේත්‍රය වූයේ උපකාරක පන්ති ක්ෂේත්‍රය බවයි. ඒ තුළින් දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාව අප විසින් මැනවින් තහවුරු කළ බව දරුවෝ හා දෙමාපියෝ හොඳාකාරවම දනිති. තවද රජයේ කිසිදු වරදාන වරප්‍රසාද නොලබා රජයට වාර්ෂිකව විශාල ලෙස බදු ගෙවන පිරිසක් ලෙස උපකාරක පන්ති ගුරුවරුන්ට රජය සලකන්නේ මෙසේ නම් ඊට විරුද්ධව දරුවන් ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙලගැසීමට ද පසුබට නොවන බව ද වැඩි දුරටත් සඳහන් කරමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අයිතිකරුවනේ වනුයේ ඉගැන්වීම් කරන ගුරු ප්‍රජාව විනා අනේ කවෙරකුත් නොවන බැවින් පාසල් පද්ධතිය ආරම්භ කිරීමත් සමග සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෙවේද අනුගමනය කරමින් පන්ති ආරම්භ කිරීමට සූදානම් බවත් වැඩි දුරටත් සඳහන් කරමු.

Exit mobile version