ඡන්දෙ තියන්න දෙබර කූඩු අයින් කරන්න… වව්නියා මැතිවරණ නිලධාරීහු ඉල්ලති

කොරෝනා කාලෙ වව්නියා පාසල්වල දෙබර කුඩු 52ක් බැඳලා... ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දන්වයි....

දිනසේන රතුගමගේ –

බඹර හා දෙබර කූඩු ඇති ඡන්ද මධ්‍යස්ථාන වල ආරාක්ෂාව පිණිස ඒවා ඉවත් කොට දෙන ලෙස වවුනියාවේ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරු කීප දෙනෙකුම මැතිවරණ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම මේ වන විට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ වවුනියාව කාර්යාලය වෙත දැණුම් දී ඇති අතර කොරෝනා වසංගත සමයේ පාසල් වසා දමා තිබූ කාලයේදී වවුනියාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි පාසල් ගොඩනැගිලි වල බඹර හා දෙබර කූඩු 52 ක් ඇති අවට තොරතුරු වාර්තා වී තිබුණි.

ඒවායින් වැඩි සංඛ්‍යාවක් ඇත්තේ  පුදුකුලම් සාලම්බකුලම් හා ඉලුප්පකුලම් යන පාසල් වල බවටද එම පාසල් වල විදුහල්පතිවරු වාර්තා කොට තිබේ.


2013 සැප්තැම්බර් මස 20 දා උතුරු පළාත් සභා මැතිවරණය පැවති අවස්ථාවේදී වවුනියාව පුදුකුලම් ඡන්ද මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපතිවරයා බඹර ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව සෑම මැතිවරණයකදීම ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරු මේ බඹර හා දෙබර තර්ජනය පිළිබදව නිලධාරීන් දැණුවත් කිරීමට පටන් ගෙන තිබේ.

මේ ඉල්ලීම් වහාම යොමු කෙරෙන්නේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය  වෙත වුවත් එම නිලධාරීන් කියා සිටින්නේ බඹරුන් හා දෙබරුන්ගේ තර්ජන හා ආපදා  අයත් වන්නේ තම මධ්‍යස්ථානයට නොව  වනජීවී නිලධාරීන්ට බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වනජීවී නිලධාරීන් බඹරුන් හා දෙබරුන් පලවා හැරීම සදහා සිදුකරණු ලබන්නේ එම කූඩුවලට ගිණි තැබීම නිසා  ඉන් බඹර හා දෙබර ගහණය විනාශ වී යාමේ තර්ජනයක් උද්ගත වන බවට උතුරේ සත්ත්වවේදීන්ගේ සංගම් හා අවිහිංසාවාදීන්ගේ සංගම් චෝදනා එල්ල කරණ නිසා දෙබර හා බඹර කූඩු ඉවත් කිරීම විශාල ප්‍රශ්නයක් වී තිබේ.

Exit mobile version