චීන සමාගම් බංගලාදේශයේ බදු පැහැර හැරීම් කරන බවට චෝදනා

Bangladesh and China

චීන සමාගම් බංග්ලාදේශයේ සිදුකරන ව්‍යාපෘති මගින් දේශීය මූල්‍ය නීති උල්ලංඝණය කරන බවත් එමඟින් එරට මහා භාණ්ඩාගාරයට විශාල වශයෙන් පාඩු සිදු වන බවත් වාර්තා වේ.

2021 දෙසැම්බරයේදී, බංග්ලාදේශයේ මාර්ග සහ පාලම් ඉදිකිරීමේ නියැලී සිටින චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම අනුබද්ධිත චීන සමාගමක් වන China Road and Bridge Construction ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී බදු පැහැර හැර ඇති බව බංග්ලාදේශ බලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

චීන සමාගම් බංගලාදේශ නීති කඩකරමින් මහා භාණ්ඩාගාරයට පාඩු කළ පළමු අවස්ථාව එය නොවන බව ද එරට වාර්තාවල දැක්වේ.


මීට පෙර 2020 දෙසැම්බරයේ දී, බදු පැහැර හැරීමේ සැකය මත, බංගලාදේශයේ විවිධ අංශවල බොහෝ ව්‍යාපාරික මෙහෙයුම් ඇති චීන ZTE අනුබද්ධිත ZTE බංග්ලාදේශය ආයතනය පිළිබඳව බංගලාදේශ ආදායම් බලධාරීන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

බංග්ලාදේශය දූෂිත චීන ව්‍යාපාර හඳුනාගැනීමත් ඒවා මැඩලීමට තීරණය කිරීමත් හේතුවෙන් චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති පසුබෑමකට ලක්විය හැකි බවටද අදහස් පළව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බංග්ලාදේශ ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, දැනට එරට තුළ චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මකව පවතී.

Exit mobile version