චීන යූනියන් පේ ත් රුසියාවෙන් ඈත් වෙයි !

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ තහනම් වූ වීසා සහ මාස්ටර් කාඩ් ආයතන වෙනුවට ක්‍රියාත්මක වූ චින යුනියන් පේ සමාගමද රුසියාවෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව යුනියන් පේ විසින් දැනට රුසියාවේ සිදුකරන මෙහෙයුම් කටයුතු ඉහළ දැමීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති අතර එය රුසියානු ඉලෙක්ට්‍රොනික මුදල් ගෙවීම් වලට විශාල අභියෝගයක් වන ඇත.

මෙහිදී යුනියන්පේ ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ සිය මෙහෙයුම් රුසියාව තුළ වර්ධනය කිරීමෙන් තමන්ගේ අනෙක් රටවල මෙහෙයුම් කටයුතුවලට තහංචි පැනවෙතැයි ඇති වූ අවදානම හේතුවෙනි.


රුසියාව තුළ ක්‍රියාත්මක වූ වීසා සහ මාසටර් කාඩ් මගින් එරට වැසියන්ට අන්තර්ජාතික ගෙවීම් සහ ණය කාඩ්පත් භාවිතා කිරීමේ අවස්ථාව හිමිවුවද නව සම්බාධක හේතුවෙන් එම සමාගම් මගින් නිකුත් කළ කාඩ්පත් වල වලංගුතාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

බටහිර රටවල් රුසියාවට පැනවූ ආර්ථික සම්බන්ධාක වලට සහය පළකිරීමට චීනය විසින් ප්‍රතික්ෂේප කළ අතරම යුක්‍රේන ආක්‍රමණය විවේචනය කිරීමටද චීනය වැලකීසිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුනියන් පේ 2002 වර්ෂයේදී චීන රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියත්මක වන මුල්‍ය සේවා ක්‍රමයක් ලෙස අරාම්භ විය. එහි චීන මධ්‍යම බැංකුව හරහා ක්‍රියාත්මක වන අතරම ලොව දෙවැනියට වැඩිම කාඩ්පත් ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේද යුනියන් පේ ඔස්සේ වීමද විශේෂත්වයකි.

Exit mobile version