චීන බලපෑම හමුවේ රට නිරුත්තරයි…. මතභේදාත්මක චීන පොහොර නැව කොළඹට ඇවිත් !

චීනයෙන් ගෙන්වීමට කටයුතු කළ ,  මතභේදාත්මක කාබනික පොහොර තොගය ඊයේ (22) වනවිට ශ්‍රි ලංකාවට ළඟා වී ඇති බව එම පොහොර නිෂ්පාදන සමාගමවන චීනයේ ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක්ක් ගෘෘප් සමාගම  සඳහන් කරයි.

මේ බව දන්වමින් එම සමාගමමේ අධ්‍යක්ෂිකා සොං හෙයි මෙයි විසින්  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන් ගණනාවකට ලිපියක් එවා ඇති අතර එහි සඳහන් වන්නේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා චීනයෙන් පිටත් වු මෙම පොහොර තොගය ඔක්තෝබර් 22 වැනිදා කොළඹ වරායවට සේන්දු වන බවය.

මේ ඒ ලිපිය ය.


මුහුදු පැළෑටි ඇමයිනෝ අම්ල සහ හියුමික් අම්ල ඇසුරින් නිෂ්පාදනය කළ බව කියන මෙම කාබනික පොහොර තොගය නැවට පටවන ලද අවස්ථාවේදී ලබා ගත් සාම්පල මේ වනවිට ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් නම් කරන ලද ෂටර් ගෘප් නම් ආයතනය විසින් පරීකෂා කරන ලද අතර ඒ අනුව එම පොහොර තොගය සුදුසු බවට තහවුරු වී ඇති බවයි.

එමෙන්ම චීන රේගුව සහ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින්ද මෙම පොහොර සුදුසු  බවට මේ වනවිට තහවුරු කර ඇති බව මෙම ලිපියෙහි දැක්වෙයි.

පැලෑටි නිරෝධායන ආයතනයේ පරීක්ෂණ දුර්වලයි ලු

ක්ව්න්ඩාවෝ සීවින් සමාගමේ අධ්‍යක්ෂවරිය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අමතමින් ලියන ලද ලිපියෙහි තවදුරටත් සඳහන් වන්නේ ශ්‍රි ලංකාවේ ජාතික පැළෑටි නිරෝධායන ඒකකය විසින් මෙම පොහොර සාම්පලවල අර්වීනියා නැමැති අහිතකර ක්ෂුද්‍රජීවී විශේෂය අන්තර්ගත බවට තහවුරු වන්නේ එම විද්‍යාගාරයේ දුර්වල ගුණාත්මක තත්ත්වය මත සිදු කරන ලද පරීක්ෂණ හේතුවෙන් බවත් මෙම පොහොර චීන රසායානාගාරවල පරීක්ෂා කිරීමේදී ඒවායේ මෙම ක්ෂුද්‍රජීවී විශේෂය අන්තර්ගත නොවන බවට තහවුරු වූ වවත් අවධාරණය කර ඇත.

මේ පිළිබඳව පැහැදිළි කිරීමේ ඊමේල් පනිවිඩ පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සහ 21 වැනිදා චීනයේ පැලෑටි නිරෝධායන ඒකකය මඟින් ශ්‍රි ලංකාවේ පැලෑටි නිරෝධායන ඒකකය වෙත දන්වා ඇති බවද ක්වින්ඩාවෝ සමාගම තවදුරටත් පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොහොර තොගය නැවට පැටවූ පසුවද තවත් සාම්පලයක් , සමාගමට සම්බන්ධයක් නැති තුන්වැනි පාර්ශ්වීය විද්‍යගාරයකදී ද පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ද මෙම මෙම පොහොර තොගයේ අහිතකර තත්ත්වයක් නොමැති බව තහවුරු වූ බව පොහොර නිෂ්පාදක සමාගම තවදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version