චීන පොහොර සමාගම තුන්වන පාර්ශවයකින් ගත් වාර්තාවක් දෙයි ! අහිතකර දේ නෑ කියයි !

චීන පොහොර ගොඩබාන්න චීන සමාගම සහ තානාපති කාර්යාලයක නොනවතින උත්සාහයක...

ව්‍යාධි  ජනක අඩංගු ආන්දෝලනාත්මක පොහොර තොගයක් මෙරටට බලහත්කාරෙයන් ගෙනා චීන පොහොර සමාගම තුන්වන පාර්ශ්වයීය විද්‍යාගාරයකින‍් මෙම කාබනික පොහොරවල කිසිදු අහිතකර ක්ෂුද්‍ර ජීවී විශේෂයක් නොපවතින බවට සහතිකයක් ලබා ‍ගෙන ඇත. මෙම පොහොර නිපදවූ චීනයෙ ක්වින්ඩාවො සීවින් බයෝටෙක් නැමැති සමාගම මෙරටට ගෙන්වූ පොහොර තොගයෙන්   සාම්පලයක් ගෙන එය ෂටර් ග්ලෝබර් ඉන්ස්පෙක්ෂන් ඇන්ඩ් සර්වේ නම් ජර්මානු පදනමක් සහිත සමාගම වෙත ලබා දී පරීක්ෂා කරවාගෙන ඇත.

අදාළ සමාගම විසින් තෝරා ගන්නා ලද මෙම පරීක්ෂණ සමාගම SO 4832-2006  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන ලද බව කියන මෙම  වාර්තාව ලබා දෙමින් සඳහන් කර ඇත්තේ එහි කටුනායක ජාතික පැළෑටි නිරෝධායන සේවය මඟින් හදුනා ගන්නා ලද අහිතකර ව්‍යාධිජනක කිසිවක් නොමැති  බවය. මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින චීන පොහොර සමාගමේ ප්‍රධාන පෙළේ නිලධාරීන් කිහිප දෙනකු විසින් එම වාර්තාව මේ වනවිට කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ බලධාරීන් වෙත යවා ඇති බවට වාර්තා වන අතර ඔවුන් එහි පිටපතක් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙතද ලබා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ශ්‍රි ලංකාව ආසන්න මුහුදේ නවතා ඇති හිපෝ ස්පිරිට් නෞකාවේ ඇති මෙම පොහොර තොගය කෙසේ හෝ ශ්‍රි ලංකාව තුළ ගොඩ බෑම සඳහා ක්වින්ඩාවෝ  සීවින් බයෝටෙක් සමාගමේ නිලධාරීන් මෙන්ම කොළඹ චීන තානාපති කාර්යාල බලධාරීන් ද දැඩි පරිශ්‍රමයක් දරන බව වාර්තා වේ.


Exit mobile version