චීන ජාතිකයින් තායිලන්තයේ ජයටම කරන මිනිස් ජාවාරම

 

චීන ජාතිකයින් සමඟ සම්බන්ධ වී පුද්ගලයින්ගේ අනන්‍යතා සොරකම් කිරීම සහ මිනිස් ජාවාරම් වල නිරතවූ තායි කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට තායිලන්ත රජය සමත්ව තිබේ.

එරට මාධ්‍යා වාර්තා කරන අන්දමට අදාල කාන්තාව විසින් නීතිවිරෝදී ලෙස වෙනත් පාර්ශවයන්ට දරුවන් ලබා දිමේ සිදුවීම් වලට සම්බන්ධ බවට සැකකරයි. අදාල සැකකාර කාන්තාව උපතින් චීන ජාතික කාන්තාවක් වන අතර පසුව තායිලන්ත පුරුෂයකු සමඟ විවාහ වීමෙන් තායිලන්ත පුරවැසිභාවය ලබාගෙන ඇත.

ඇය මෙලෙස තායි පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ ඇගේ ජාවාරම් කටයුතු පහසුවෙන් කරගෙනයාමේ අරමුණින් බවටද මේවන විට අනාවරණය වී ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.


ඒ් අනුව මෙම මහා පරිමාණ ජාවාරම් හේතුවෙන් චීන – තායිලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට යම් බලපෑමක් එල්ල වීමේ අවදාලමක් පවතින බවටද තායි මාධ්‍ය වාර්ථා සඳහන් කරයි.

මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ තායි ජනතාවට යම් කම්පනයකට පත්ව ඇති බවටද වාර්තාවේ. ඊට හේතුව වී ඇත්තේ තායි වැසියන් තුල චීන සංචාරකයින් සම්බන්ධයෙන් දැඩි ගෞරවයක් පැවතිමයි.

තායිලන්තය දිගු කලක් තිස්සේ චීන සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් වී ඇති අතර එමගින් තායිලන්තයට විශාල ආදායමක්ද උත්පාදනය කිරීමට සමත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවන් පසුබිමක පවතින අවස්ථාවකදී චීන ජාතිකයින් තායිලන්තය තුල නීතිවිරෝධී ක්‍රියාවන් වල නිරතවීම දැඩි අර්බුදයක් නිර්මාණය කර ඇති බවත් එවන් නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීමට කඩිනමින් කටයුතු කරන බවත් වැරදිකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් තායිලන්ත පොලිස් ප්‍රධානියාක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Exit mobile version