චීන එන්නත ලංකාවට දෙනවාට චීන්නු විරුද්ධවෙති…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දනය සඳහා චීනයේ නිෂ්පාදනය කර ඇති සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් චීන ජනතාවගේ දැඩි විරෝධයක් මතු ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝකයේ විශාල ජනගහනයක් සීටින චීනයේ ජනතාව කොවිඩ් රෝගයෙන් මුදවා ගැනීම සඳහා සයිනෝෆාම් එන්නත විශාල වශයෙන් අවශ්‍ය මොහොතකදී එය වෙනත් රටවල් වෙත ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට වැසියන් සිය විරෝධය පල කර ඇතැයි වාර්තාවේ.

සයිනොෆාම් එන්නත් මිලියන 14ක් මෙරට මිලදී ගැනීමට අවශ්‍ය වුවද එය එකවර ලබා දීමට නොහැකි බවත් මුලින් එන්නත් ලක්ෂ 5ක තොගයක් මුලින් ලබා දීමටත් පසුව කොටස් වශයෙන් ඉදිරියේදී එන්නත් තොගයන් ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා දින වකවානු සඳහන් කළ නොහැකි බවත් චීනය දන්වා ඇතැයි වාර්තාවේ.

මේ අතර සයිනොෆාම් එන්නත මෙරට නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එන්නත් නිෂ්පාදනය කඩිනම් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම හැර අන් විසඳුමක් නොමැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Exit mobile version