චීන ඇමති යද්දී කොළඹ පාරක් වැහුවාට හෝන් ගසමින් හූ කියයි

VVIP රථයක් ගමන් කිරීම හේතුවෙන් කොළඹ හි ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ මාර්ගයක් වසාදැමීම නිසා ගමනාගමනය සීමා කිරීමට විරෝධය පළ කරමින් වාහන අඛණ්ඩව හෝන් ශබ්දය නගමින් රියදුරන් හූ හඬ නඟා තිබූ වීඩියෝවක් සමාජ ජාල තුළ සංසරණය වෙයි.

චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ රාත්‍රි දිවයිනට පැමිණි අතර ඔහු ගමන් ගත් රථ පෙළට ඉඩදීම සඳහා මෙලෙස මාර්ගය වසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය ආණ්ඩු සමයේ දී ද මේ අයුරින් ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගය වසා තැබූ අවස්ථාවකදී මෙලෙසම වාහන අඛණ්ඩ හෝන් ශබ්දය නගමින් හූ හඬ නැගීමට කටයුතු කර තිබුණි.


Exit mobile version