චීනය සහ රුසියාව එක්ව පතුරන බොරු

Russia Ukraine War

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟම චීන කොමියුනිස්ට් පක්ෂය ඊට සහය ලබාදෙමින් දේශීය සහ ගෝලීය වශයෙන් විශාල ව්‍යාජ පුවත් පැතිරවීමේ ව්‍යාපාරයක් අරම්භ කෙරිණි.

එහිදි චීනය විසින් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ වගකීම ඇමරිකා එක්සත් ජනපදය වෙත පැවරීමටත් ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ව්‍යාජ පුවත් සැකසීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියත්මකර කර තිබේ.

මෙම ව්‍යාජ පුවත් පැතිරවීමේදී චීනය විසින් සිය රාජ්‍ය මාධ්‍ය ඉතා පුළුල් වශයේ යොදා ගැනීම සිදුකරනු ලබන අතර එහිදී රුසියාව විසින් ප්‍රකාශයට පත්කරන පදනම් විරහිත ප්‍රකාශ වලට ගැඹුරක් සහ විශ්වාසනීයත්වයක් එක් කිරීමටද සමත්ව ඇත.


ඊට හොඳම උදාහරණය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේණය තුල ජීව විද්‍යාත්මක පරියේෂණ කරනු ලබන විද්‍යාගාර පවත්වාගෙන ගිය බවට චෝදනාවයි. මෙම චෝදනාව රුසියානු රජය විසින් මුල්වරට සිදු කළ එහිදී චීන විදේශ අමාත්‍යවරයා විසින් එය යලිත් ප්‍රකාශ කරනවා වෙනුවට ඊට විශාල හඩක් ලාබදෙමින් කියා සිටියේ මෙම විද්‍යාගාර හුදෙක් ඇමරිකාව ගෙන යන ජීවවිද්‍යාත්මක අවි නිපදවීම් කටයුත වල ඉතාම සුළු සිදුවීමක් බවයි.

එහිදී ඔවු පවසා සිටියේ මෙම විද්‍යාගාර දියේ ගිලි තිබෙන මහා අයිස් තට්ටුවක ජලයෙන් ඉහළට පෙනෙන කොටසට සමාන බවයි. චීන විදේශ ඇමති විසින් එම ප්‍රකාශ කිරීමත් සමඟම වෙනත් රටවල සිටින චීන රාජතාන්ත්‍රිකයින්ද මෙම ප්‍රකාශය ප්‍රචලිත කිරීමට පියවරගත් අතර එය පසුව ජාත්‍යන්තර මට්ටමින් කතා බහට ලක්වූ කාරණයක් බවට පත්විය.

මීට අමතරව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අදාල ප්‍රචාර පදනම් කරගෙන් ඇමරිකාව විසින් විද්‍යාගාරයක නිපදවූ බවටද ප්‍රචාරය කිරීමට කටයුතු කළ අතර එහිදී චීනය සිය මතවාද ප්‍රචලිත කිරීමට යොදා ගන්නා පුවත්පත් මෙන්ම සමාජ ජාල ගිණුම් ඔස්සේද මෙම කරුණ ජනගත කිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී චීනය විසින් කොරෝනා වෛරසය ‍මොඩර්නා සමාගම විසින් විද්‍යාගාරයක නිපදවා ඇති බවත් එය හුදෙක් සිය එන්නත් අලෙවි කරගැනීමට නිර්මාණය කරන ලද්දක් බවද මතයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් චීනය සහ රුසියාව විසින් යුක්‍රේනයේ ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ විද්‍යාගාර පවත්වගෙන ගිය බවට කරණ චෝදනා බවට අනාවරණය වී තිබියද බෙහොමයක් දෙනා අදටත් මෙම ව්‍යාජ තොරතුරු විශ්වාසර කරණ තත්ත්වයකට පත්ව ඇත. ඒ අනුව මෙම ව්‍යාජ පුවත් තවමත් ජනතාව අතරේ විශාල වශයෙන් පැතිර යන බවද විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

Exit mobile version