චීනය කසකස්ථානයට තුලටත් රිංගයි

Xi Jinping | shi jinping

පැරණි සෝවියට් දේශයට අයත්වූ කසකස්ථානය මේවන විට චීනය වඩාත් සමීප වෙමින් කටයුතු කිරීමට පියවරගෙන ඇති බවට වාර්තාවේ.

ඒ අනුව පසුගියදා එරට පැවති ජනාධිපතිවරණයෙන් විශාල ජයග්‍රහනයක් ලබාගත් කසිම් ජොමාට් ටොකායෙව් චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බවට ඉඟි පළවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා සඳහන් කරයි.

ටොකායෙව්ගේ අඛණ්ඩ නායකත්වය යටතේ, රුසියාවේ බලපෑම අඩු වීමත් සමඟ චීනය, එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ ක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම සඳහා කසකස්තානය තමන් සතු තෙල් සහ ධාන්‍ය යොදා ගැනීමට අපේක්ෂා කරණ බවටද අනාවරණය වේ.


මේ අතර චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ටොකායෙව්ගේ ජයග්‍රහනයට විශේෂ සුබපැතුම් පණිවිඩයක් යවමින්, රටවල්වල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 30 වැනි සංවත්සරය “ස්ථිර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක්” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් කරනු ලබන බවටද ප්‍රකාශ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන්ම චීනය මධ්‍යම ආසියාවේ තම බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරමින් සිටින අතර එහිදී එම කටයුතු වලට කසකස්තානය අතිශය වැදගත් සාධකයන් වනු ඇත. එහිදී බීජිං පාලනය විසින් ක්‍රියාත්මක කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට කසකස්ථානය ඉතා වැදගත් සාධයකයක් බවට පත්ව තිබේ.
ඒ අනුව චීනය විසින් කසකස්ථානය තුල සිය සුපුරුදු යටිතල පහසුකම් සැපයීමට යැයි පවසමන් සංවර්ධණ ව්‍යාපෘති අරම්භ කිරීමට පියවරගෙන ඇති අතර එය ඉදිරියේදී එරට පාලනයට සහ අනාගය තීරණය කරනු ලබන වැදගත් සාධයක් වනු ඇත.

Exit mobile version