චීනය, එක්සත් ජාතීන් ද රවටමින් උයිගුර්වරුන්ට හිරිහැර කළ අයුරු ‘ඉසා’ හෙළිදරව් කරයි

Dolkun isa

පිටුවහල් කරන ලද උයිගුර් නායක ‘ඩොල්කුන් ඉසා’ සිය චරිතාපදානය (ද චයිනා ෆ්‍රීඩම් ට්‍රැප්) ලියා ඇති අතර එමඟින් උයිගුර් වැනි ආදිවාසී ප්‍රජාවගේ හඬ යටපත් කරමින් ඔවුන් කොල්ලකෑමට චීනය, එක්සත් ජාතීන්ගේ පද්ධතිය හා ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ හෙළිදරව්වක් සිදු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංසද හා හමුවීම්වලට යාමට සූධානම් වෙද්දී චීනය එම අවස්ථා ඇසිරූ අයුරු ගැන මෙම කෘතියේ සඳහන්ය. 2018 නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ ස්වදේශික ගැටළු පිළිබඳ ස්ථිර සංසදයේ රැස්වීමකට සහභාගී වීම සඳහා ඉසා එහි ගොස් ඇති අතර ඔහුට එම අවස්ථාවට සම්බන්ධ වෙන්නට ඉඩ දී නොමැත.

“මම අප්‍රේල් 15 වැනිදා නිව්යෝර්ක්වලට ගියේ.. මම දෙක වෙද්දී මගේ හෝටලයට ගියා. පහුවදා උදේ හයට මම ඔමර් කානාට් එක්ක ලේකම් කාර්යාලයට ගියේ අපේ බැජ් ගන්න. එතෙන්දී ඔමෙර්ට බැජ් එක ලැබුණත් මට ලැබුණේ නෑ. ඒත් මට ඇයි කිව්වේත නෑ. පස්සේ එක්ස්ත් ජාතීන්ගේ ආරක්ෂක නිළධාරියෙක් ඇවි්ත ඇහුවා ‘අපි ඔයාව ගිය අවුරුද්දේ එළියට දැම්මා.. ඇයි ආයෙත් ආවේ කියලා.,” ඔහු සිය කෘතියෙහි සඳහන් කර තිබේ.


2016 හා 2017 වසරවල සිට උයිගුර්වරුන්ට එරෙහිව චීනයේ සාහසික ක්‍රියා වඩාත් දැඩි වූ බව පවසා තිබෙන අතර තම මව ද කඳවුරකදී මරා දැමූ බව ඉසා පවසා ඇත. 2017 වසර ජන සංහාරයකට මුහුණ දුන් ඉතාමත් දුෂ්කර වසරක් වූ බවට ඔහු චෝදනා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රකාශකයෙකු වන හර් ආනන්ද ප්‍රකාශකයින් විසිනි.

Exit mobile version