චීනයේ ටිබේ සංහාරට එරෙහිව බ්‍රිතාන්‍යෙයන් හඬක් ?

free tibet

චීනය විසින් ටිබෙටය තුල ගෙන යන දැඩි විනාශ කාරී ප්‍රතිපත්තියක් ගෙනියන චීනයට එරෙහිව බලපෑම් කරන ලෙසට ෆ්‍රී ටිබෙට් සංවිධානය එක්සත් රාජධානියෙන් ඉල්ලා ඇත.

ෆ්‍රී ටිබෙට් සංවිධානය විසින් චීනය විසින් ටිබෙටය තුල සිදුකරන කටයුතු සංස්කෘතික විපලයක් ලෙස හඳුන්වා දී ඇති අතර එහිදී චීනය විසින් ටිබෙටයේ ඇති පෞරාණික බොද්ධ උරුමය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට උත්සහ කරමින් සිටින බවටද චෝදනා කරයි.

ඒ අනුව ෆ්‍රී ටිබෙට් විසින් එහි පර්යේෂණ අංශය වන ටිබෙට් වොච් විසින් දියත් කරන ලද නව වාර්තාව මගින් පෙන්වා දී ඇතතේ නැගෙනහිර ටිබෙටයේ ඩ්‍රැගෝ හි මින් පෙර වාර්තා නොකළ වධහිංසා, රඳවා තබා ගැනීම් සහ විනාශ කිරීම් සිදුකරන බවට අනාවරණය වී ඇති බවයි.


ඩ්‍රැගෝ හි ජීවත් වන ටිබෙට් ජාතිකයන් වසර කිහිපයක සිට ටිබෙට් ජීවන රටාවට එරෙහිව විවිධ මර්දනයන් සමඟ චීන රජය විසින් වටලනු ලැබ ඇති බවද අදාල වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

මේ අතර ටිබෙට් වොච් විසින් ඩ්‍රැගෝ හි අලුතින් නම් කරන ලද චීන පක්ෂ ලේකම් වං ඩොංෂෙන්ග් යටතේ ආගමික හා සංස්කෘතියේ නිදහසට එරෙහි මර්දනය උත්සන්න වී ඇති බව සොයාගෙන ඇත.

නිදහස් ටිබෙටයේ ප්‍රචාරක සහ උපදේශන කළමනාකරු ජෝන් ජෝන්ස් පැවසුවේ: “මෙම නව වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ ටිබෙට් අනන්‍යතාවය ආරක්ෂාක කිරීමට සහ චීන පාලනයට ප්‍රතිරෝධය පිළිබඳ දැඩි හැඟීමක් සඳහා ප්‍රසිද්ධ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ පදිංචිකරුවන් 2021 ඔක්තෝබර් මාසයේ කටුතු කළ ආකාරයත් එහිදී චීන බලධාරීන්ගේ ප්‍රහාරයට ලක්වන ප්‍රදේශවාසීන් රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා තිබෙන ආකාරයටත් මනාව පැහැදිලි වෙනවා” යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය විසින් මේවන විට ටිබෙටය තුල සංස්කෘතික සංහාරයක් දියත් කර ඇති අතර එහිදී එරට බෞද්ධ සිද්ධස්ථාන සහ සංඝයා වහන්සේ දැඩි මර්ධනයකට ලක් ඇත. මීට අමතරව ටිබෙට් තරුණයින් චීන හිතවාදීන් කිරීමට විශේෂ වැඩසහන් ක්‍රියාත්මක බවටද වාර්තාවේ.

Exit mobile version