චිලී අගනුවර ජනපති මන්දිරය මී මැස්සෝ වටලති

චිලී රාජ්‍යයේ අගනුවර වන සැන්ටියාගෝ හී පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරියේදී මී මැසි ගොවීන් මී වද සමඟ විරෝධතාවක් පවත්වා තිබේ.

කාලයක සිට පවතින නියං තත්ත්වය හේතුවන් මී මැසි ගොවීන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳ රජයේ අවදානය යොමුකිරීමට මෙම විරෝධතාව පවත්වා ඇත.

ඒ අනුව විරෝධතා කරුවන් මී මැස්සන් දස දහසක් පමණ සිටින මී වද 60ක් ජනාධිපති මන්දිරය ඉදිරියේ තබා සිය විරෝධය පළ කර තිබේ.


එහිදී  විරෝධතාකරුවන් තබා තිබූ මී වද ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් හට මී මැස්සන් දෂ්ට කර ඇති බවද වාර්තා වේ.

විරෝධතාව හේතුවෙන් ප්‍රදේශය මී මැස්සන්ගෙන් පිරී ගොස් ඇති අතර ඒ හේතුවෙන් විරෝධතාවයේ නිරත වූ ගොවින් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී විරෝධතාකරුවන් මී මැසි වගාව ආරක්ෂා කිරීම අවශ්‍ය සහන ලබදෙන ලෙසට රජයට බල කර තිබේ.

එම අවස්ථාවේදී විරෝධතාකරුවන් විසින් මී මැස්සන් පාරිසරික තුලන තාවයටත් මිහි මත ජීවිය ආරක්ෂා කිරීමට වැදගත් වන ආකාරයද පැහැදිලි කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විද්‍යාඥයන් පවසන අන්දමට මේවන විට ලොවපුරා මී මැසි ගහනය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින අතර මී මැස්සන් ලොවෙන් තුර වුවහොත් සමස්ත පාරිසරික පද්ධතියම සුලු කාලයකින් විනාශ වනු ඇත.

Exit mobile version