චිත්‍රපට චරිතයක් අනුකරණයට ගිය රූමතිය ගිනි අරන් මැරිලා

දිනසේන රතුගමගේ-

යාපනයට ඇදිරි නීතිය පැවති කාලය තුළ දකුණු ඉන්දීය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වූ යාපනයේ තරුණියක් එම චිත්‍රපට වල චරිත අනුකරණය කරමින් 25 දා සිය සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිණි තබා ගැනීමට යාමේදී ඇය එම ගින්නටම හසු වී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ ජීවත් වූ විසිහතර හැවිරිදි සූරියකුමාර් තනුජා නැමති තරුණියකි.


ඇගේ පවුලේ උදවිය ප්‍රකාශ කොට තිබුණේ රංගනයක් සදහා ඇය ඒ අන්දමට ක්‍රියා කරමින් සිටියදී ඇගේ සිරුරට ගිණි ඇවිලුණු බවයි.

වහාම ඇයව යාපනයේ තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන යාමෙන් පසුව ඇගේ තත්ත්වය බරපතල බැවින් ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කිරීමෙන් පසුව  ඇය එහිදී මිය ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ චුන්නාකම් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version