චිකාගෝ නුවරදී විශිෂ්ට කාන්තාවන් 20ට තේරුණු හිටපු කොටි සාමාජිකාවකට වෙඩි ප්‍රහාරයක්..

දිනසේන රතුගමගේ –

කොටි සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ රාජී පැටීසන් නැමැත්තියට සන්නද්ධ පිරිසක් විසින්  ඇමරිකාවේදී  15 දා වෙඩි තැමීම නිසා ඇය තුවාල ලබා තිබේ.

ඇමරිකාවේ චිකාගෝ සිට ඇය සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම වෙඩි තැබීමෙන් මෝටර් රථයේ ගනකම් වීදුරු පසාරු කරගෙන ගිය එක් උණ්ඩයක් පමණක් ඇගේ හිස ප්‍රදේශයට වැදී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමරිකාවේ චිකාගෝ නුවරදී විශිෂ්ඨ කාන්තාවන් 20 දෙනෙකු සදහා සම්මාන උළෙලක් පවත්වා ඇති අතර තුවාල ලැබූ  තැනැත්තියට ද සම්මානයක් හිමි වූ බැවින් එය ලබා ගැනීම සඳහා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ඇය ලක් වී තිබේ.


Exit mobile version