විශේෂ විමර්ශනයක් සදහා චමුදිත සමරවික්‍රම යළිත් වරක් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
Truth with Chamuditha නැමැති Youtube නාලිකාවේ විකාශය වූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මරන්න පාතාලය එක්ක ගේම ගහපු DIG ගෝලයාගේ හඬ පටය මෙන්න. යන ශීර්ෂය යටතේ සිදු කරන ලද මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙන අද උදෑසන 9ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දන්වා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වාගෙන යනු ලබන බවත්, එම පරීක්ෂනයට අවස්ථාගත තොරතුරු චමුදිත සමරවික්‍රම විසින් අනාවරණය කර ඇති බවත් ඒ සම්බන්ධව විමසීමක් අවශය බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා ඇත.