චම්පිකත් සජබෙන් ගැලවෙයි… වෙල්ගම සමග ඉදිරි දේශපාලන ගමනකට සන්ධානයක් හදයි…

තෝරාගත් පලාත් පාලන ආයතන කීපයකට 43 සේනාංකය කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත බව 43 සේනාංකයේ නායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේය.

ඒ සඳහා වන එකඟතා ගිවිසුමකට අද (16) දිනයේ එළඹුන බව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කළේය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු නව දේශපාලන බලවේගයක් ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන බව ද මෙම පළාත් පාලන මැතිවරණයේ දී කුමාර වෙල්ගමගේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවන බව ද ප්‍රකාශ කළ පාඨලී චම්පික රණවක මෙසේ ද කීවේය.

“එළඹෙන පළාත් පාලන මැතිවරණය අපේ දැක්ම අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව අපේ ජනතාවට ලැබෙන අවස්ථාවක්. 2022 දී මේ රටේ ජනතාව සෘජු ක්‍රියාමාර්ග මගින් එවකට හිටපු ජනාධිපති ඇතුළු ආණ්ඩුව පලවා හරිනු ලැබුවා. ඒ පලවාහරිනු ලබන පිරිස නැවත වතාවක් පාර්ලිමේන්තුව හා නගර සභා හරහාත් තමන්ට එල්ල වූ ඒ දැවැන්ත මහජන අවමානය, මහජන පිළිකුල තිබියදීම තමන්ගේ බලය පවත්වාගෙන යාමේ උත්සාහයක ඉන්නවා. මේ ලැබෙන අවස්ථාව අපි සලකන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව අපේ රටේ ජනතාවගේ පිළිකුල, විශේෂයෙන්ම එහි නායකත්වය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පිරිසට ජනතාවගේ විරෝධය පළ කිරීමේ අවස්ථාවක් හැටියටයි. “


අපි 43 සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි. නමුත් අපි ගිය වසරේ මේ රට බංකොලොත්භාවයට පත් වුණාට පස්සේ අපි තීරණය කළා අනාගතයේදී නව දේශපාලන පක්ෂයක්, දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙන්න. නමුත් අපිට කාලය ඒ සඳහා හරස් වුණා. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ මට්ටමේ පිරිස් රට පාලනය කරන්න ආණ්ඩු කරන්න හැකි පිරිස් එක්ක යන්න.

ඒ අතරේ සමාන අදහස් දරන මේ රටට මේ අවස්ථාවේ අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්ථයක් හැටියට අපි නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා සන්ධාන ගත වෙනවා’

ඒ වගේම අපි අපේ 43 සේනාංකයේ හිටපු, අපිත් එක්ක සම්බන්ධතාවයේ හිටපු, පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අපි නිදහස දීලා තියෙනවා. කවර දේශපාලන පක්ෂයකින් හෝ කවර තමන්ට රුචි සංවිධානයකින් හෝ ස්වාධීනව හෝ තරඟ කරන්න කියලා. ඒ අනුව ඒ අය ඇතැම් ස්ථානවල විවිධ තැන් වලින් කටයුතු කරයි. ඒ ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දේශපාලන වශයෙන් ඉදිරි කාලයේදී නව ලංකා නිදහස් පක්ෂය එක්ක සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි ආරම්භක පියවර හැටියට මේ මැතිවරණයේදී පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා එතුමන්ලත් එක්ක ඒකාබද්ධව අපේ අපේක්ෂකයන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

Exit mobile version