චන්දපල කොවිඩ් ෆ්‍රී…. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහති වෙයි…

බය නැතිව චන්දෙ දාන්න යන්න... සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න....

ශ්‍රියානි විජේසිංහ –                                    

ඡන්ද මධ්‍යස්ථානවල හා ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයන්ගෙන් කොවිඩ් 19 පමණක් නොව කිසිදු ශ්වසන රෝගයක් වැලඳීමේ අවදානම සියයට සියයකින් ඉවත් කර ඇතැයි සෞඛ්‍ය‌ සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරයි.

ඡන්ද පල වෙත ඇතුලු වීමට පෙර හා පිටවීමේදී සබන් ගා දෑත් හොදින් පිරිසිදු කර ගන්නැයි සියලුම ඡන්දදායකයින්ගෙන් ජනරාල්වරයා විශේෂ ඉල්ලීමක් කරයි.

ඡන්ද දායකයින්ගේ ජාතික හැදුනුම්පත ඡන්දපල නිලධාරීන් ස්පර්ෂ නොකරන අතර එය පරික්ෂා කිරීමට ඔබගේ අතේම තබා ගනිමින් ඔවුන්ට සහය දක්වන්නැයිද වෛද්‍යවරයා ජනතාවට දැනුම් දී සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡන්දය භාවිත කිරිමේදී ස්පර්ශවීම් අවම වන පරිදි සකස් කර ඇති බැවින් ඡන්ද දායකයින් එම අවවාද නිසියාකාරව පිළිපදින්නැයිද හෙතෙම ඉල්ලා සිටියි.

 

 

Exit mobile version